10

3.6 km පරතරයකින් පිහිටා ඇති A හා B නම් දුම්රියපොළවල් දෙකක් අතර සමාන්තර මාර්ග දෙකක දුම්රිය දෙකක් ධාවනය වේ. එක් දුම්රියක් A දුමිරිය පොළේ සිට 20 ms‾² මන්දනයකින් ඊ දෙසට චලිත වේ. එහි ආරම්භක ප්‍රවේගය 180 ms‾¹ කි. අනික් දුම්රිය නිශ්චලතාවයෙන් ගමන් අරඹා 20 ms‾² ත්වරණයකින් B සිට A දෙසට ත්වරණය වේ. දුමිරිය එකිනෙක පසු කිරීමට ගතවන කාලය කොපමණද? (දුමිරියෙහි දිග නොසලකා හරින්න)

  1.   12 s
  2.   8 s
  3.   25 s
  4.   20 s
  5.   18 s

(ans:4)

09

වස්තුවක් නිශ්චලතාවයෙන් ගමන් අරඹා ඒකාකාරීව ත්වරණය වී දෙවන තත්පරය තුළ 18 m දුර ගමන් කරයි. 4 වන තත්පරය තුළදී ගමන්කරන දුර කොපමණද?

  1.   42 m
  2.   96 m
  3.   72 m
  4.   30 m
  5.   64 m

(ans:1)

08

මෝටර් රථයක් දක්‍ෂිඛ අධිවේගී මාර්ගයට 20 ms‾¹ ප්‍රවේගයෙන් ඇතුලුවේ. එය පළමු කිලෝමීටර කණුව පසුකරන විට ප්‍රවේගය 120 ms‾¹ දක්වා වැඩිකරගෙන ඇත. ඒ සඳහා ගතවූ කාලය කොපමණද?

  1.   14.25 s
  2.   28.5 s
  3.   7.125 s
  4.   9.25 s
  5.   14.0 s

(ans:1)

07

වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ. වස්තුව චලිත වූ මුළු විස්තාපනය එය චලිතයේ තුන්වන ත්තපරය තුළදී චලිත වූ විස්තාපනය මෙන් පස් ගුණයකි. වස්තුව චලිත වූ කාලය කොපමණද?

  1.   7 s
  2.   4 s
  3.   8 s
  4.   6 s
  5.   5 s

(ans:5)

06

බයිසිකල් තරඟයකදී මුල් තරඟකරුවා දිනුම් රේඛාවට 50 m දුරින් ද, දෙවන තරඟකරු ඔහුට 30 m පිටුපසින් ද සිටී. මුල් තරඟකරු මේ මොහොතේදී 12.5ms‾¹ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වේ. දෙවන තරඟකරු මේ මොහොතේ 10 ms‾¹ ප්‍රවේගයෙන් ධාවනය කරයි නම් ජයග්‍රහණය කිරීමට ඔහුට තිබිය යුතු අවම ත්වරණය කොපමණද?

  1.   3 ms‾²
  2.   5 ms‾²
  3.   2.5 ms‾²
  4.   1.5 ms‾²
  5.   8 ms‾²

(ans:2)

05

කාටිසියානු තලයක තබන ලද රොබෝවෙක් පළමු තත්පරය අවසානයේදී (4, 8)ඛණ්ඩාංකයේ සිටියි. අනතුරුව දෙවන තත්පරය අවසානයේදී (16, 24) ඛණ්ඩාංකයේ ස්ථානගතව ඇත. රොබෝවේ ප්‍රවේගය කොපමණද?

  1.   5
  2.   12
  3.   10
  4.   20
  5.   16

(ans:4)

04

කාලතුවක්කු වෙඩි මුරයකදී උණ්ඩයක් නිකුත් වීමේදී නැගුණු හඬ ආසන්න කන්දක වැදීමෙන් දෝංකාර දෙයි. උණ්ඩය නිකුත් වීමෙන් 2.5 s කට පසු පළමු දෝංකාරය ඇසේ නම්, සෙබලා සහ කන්ද අතර දුර කොපමණද?
(ධ්වනි වේගය = 340 ms‾¹ වේ.)

  1.   825 m
  2.   425 m
  3.   340m
  4.   850 m
  5.   475 m

(ans:2)

03

කුහුඹුවෙකු 7 cm අරයක් ඇති වෘත්තාකාර පථයක දක්‍ෂිණාවර්තව A සිට B දෙසට චලනය වේ. කුහුඹුවා චලනය වූ දුර හා විස්ථාපනය පිළිවෙලින් කොපමණද?

  1.   33, 11
  2.   33, 11√2
  3.   33, 7√2
  4.   33, 33
  5.   11, 7√2

(ans:3)

02

වස්තුවක් එහි පථයේ 1/3 ද දුරක් V1 ප්‍රවේගයෙන් ද, ඊළඟ 1/3 දුර V2 ප්‍රවේගයෙන් ද, අවසාන 1/3 දුර V3 ප්‍රවේගයෙන් ද ගමන් කරයි නම්, වස්තුවේ මධ්‍යනය ප්‍රවේගය කොපමණද?

  1.          
  2.        
  3.          
  4.        
  5.        

(ans:2)

01

ධාවකයෙක් වෘත්තාකාර පථයක දක්‍ෂිණාවර්තව ධාවනයේ යෙදේ. ඔහු සෑම විනාඩි 8 කට වරක්ම ධාවන පථයට පිටතින් වූ නිරීක්‍ෂක කුළුණක් පසුකර යයි. පහත වගන්ති අතරින් අනිවාර්යයෙන්ම අසත්‍ය වන්නේ,

  • A) ධාවකයා ඒකාකාර වේගයෙන් චලනය වේ.
  • B) ධාවකයා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ.
  • C) ධාවකයා එක් වටයක් සම්පූර්ණ කලවිට ඔහුගේ විස්තාපනය ශූන්‍ය වේ.
  1.  B පමණි.
  2.  A,B පමණි.
  3.  B,C පමණි.
  4.  සියල්ලම අසත්‍ය වේ.
  5.  සියල්ලම සත්‍ය වේ.

(ans:1)