11 – 2005

රූපයේ පෙන්වා ඇති පරිදි අංශුවක් නියත V වේගයකින් වෘත්තයක් ඔස්සේ ගමන් කරයි. P හා Q ලක්ෂ්‍ය අතර අංශුවේ ප්‍රවේග වෙනසෙහි විශාලත්වය වනුයේ,

1) 0
2) V sin 400
3) 2 V sin 200
4) 2 V cos 200
5) V

(Ans:    )

10 – 2005

රූපයේ දක්වා ඇති පරිදි නූලකින් එල්ලා ඇති M ගෝලයක් නියත වේගයකින් තිරස් වෘත්තයක් දිගේ කරකවනු ලැබේ. පරීක්ෂණාගාරයේ නිශ්චලව සිටින මිනිසෙකු විසින් නිරීක්ෂණය කරන අන්දමට ගෝලය මත ක්‍රියා කරන බල වඩාත් හොඳින් නිරූපණය කරන රූපය වන්නේ,

(Ans :2)

09 -2004

සමාන ස්කන්ධ සහිත කුඩා වස්තු දෙකක් BC නම් සැහැල්ලු තන්තුවකින් එකිනෙකට සම්බන්ධ කර ඇත. රූපයේ දක්වා ඇති පරිදි, මෙම පද්ධතිය AB නම් තවත් සැහැල්ලු තන්තුවක් මගින්A නම් අචල ලක්ෂ්‍යයකට සම්බන්ධ කර ඇත.
ස්කන්ධ දෙක, ඉන් පසු, අරයයන් R හා 2R (රූපය බලන්න) වු තිරස් වෘත්තාකාර පථවල සමාන කෝණික වේගයෙන් චලිත වීමට සලස්වනු ලබන්නේ, A,B සහ C ලක්ෂ්‍ය සැමවිට ම එක ම සරල රේඛාවක් මත පිහිටන ආකාරයට ය. BC හා AB තන්තුවල ආතති පිළිවෙළින් T1 සහ T2 නම්,

1) T= 1/2 T1
2) T= 2/3T1
3) T=  T1
4) T= 3/2 T1
5) T= 2T1

(Ans :4)

08 – 2003

රූපයේ දක්වා ඇති පරිදි ප්‍රත්‍යාස්ථ තන්තුවක් මගින් අචල ලක්ෂ්‍යකට සම්බන්ධ කර ඇති සෙල්ලම් කාරයක් අරය 2r වන තිරස් වෘත්තයක ගමන් කරයි. ප්‍රත්‍යස්ථ තන්තුවේ නොඇදු ආරම්භක දිග r වේ. කාරයේ භ්‍රමණ කාලාවර්තය T වේ. කාරය ඉන්පසු අරය 3r වන වෘත්තයක ගමන් කරන තෙක් එහි වේගය වැඩි කර ගනී.
තන්තුව හුක්ස් නියමය පිළිපදී යැයි ද, ප්‍රතිරෝධ බල නොගිණිය හැකි යැයි ද උපකල්පනය කළ විට කාරයේ නව භ්‍රමණ කාලාවර්තය වනුයේ,

1) √3/√2 T
2) √4/√3 T
3) T
4)√ 3/ √2 T
5) √3/√4 T

(Ans : 4)

07 – 2001

ස්කන්ධය 20 kg වන ළමයෙක් ස්කන්ධය නොගිණිය හැකි ඔන්චිල්ලාවක සිටී. එක එකෙහි දිග
3 m වන ලණු දෙකක් මගින් ඔන්චිල්ලාව එහි විවර්තනි ලක්‍ෂයවලට සම්බන්ධ කොට ඇති. එක් පැද්දීමකදී ළමයාගේ උපරිම වේගය 3ms-1 බව සොයා ගන්නා ලදී. එක එක් ලණුවේ උපරිම ආතතිය වන්නේ,

1) 130 N
2) 160 N
3) 200 N
4) 260 N
5) 300 N

(Ans: 1)

06 – 2001

රූපයේ දැක්වෙන පරිදි කේතුක හැඩයෙන් යුත් සුමට භාජනයක අභ්‍යන්තර පෘෂ්ඨය මත වස්තුවක් තිරස් වෘත්තාකාර පථයක ගමන් කරයි. නිශ්චල නිරීක්‍ෂකයෙකු නිරීක්‍ෂණය කරනු ලබන පරිදි වස්තුව මත ක්‍රියා කරන බලය / බල වනුයේ


1) වස්තුවේ බර පමණි.
2) වස්තුවේ බර සහ පෘෂ්ඨයට ලම්බකව ක්‍රියාකරන ප්‍රතික්‍රියාව පමණි.
3) වස්තුවේ බර සහ කේන්ද්‍ර අභිසාරී බලය පමණි.
4) පෘෂ්ඨයට ලම්බකව ක්‍රියා කරන ප්‍රතික්‍රියාව සහ කේන්ද්‍ර අභිසාරී බලය පමණි.
5) කේන්ද්‍ර අභිසාරි බලය පමණි.

(Ans :2)

05 – 2000

තිරස් මේසයක් එහි කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා ඒකාකාර කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වේ. m ස්කන්ධයක් මේසය මත ලිස්සීමකින් තොර ව නිශ්චලව ඇත. A නිරීක්ෂකයා මේසය මත වාඩි වී සිටින අතර B නිරීක්ෂකයා රූපයෙහි දක්වා ඇති පරිදි පොළව මත සිටගෙන සිටී. m මත ක්‍රියා කරන සම්පූර්ණ තිරස් බලය,


1) A ට අනුව ශුන්‍ය වන අතර B ට අනුව කේන්ද්‍රය දෙසට එල්ල වී ඇත.
2) A ට අනුව ශුන්‍ය වන අතර B ට අනුව කේන්ද්‍රයෙන් ඉවතට එල්ල වී ඇත.
3) A හා B දෙදෙනාට ම අනුව ශුන්‍ය වේ.
4) A හා B දෙදෙනාට ම අනුව කේන්ද්‍රය දෙසට එල්ල වී ඇත.
5) A හා B දෙදෙනාට ම අනුව කේන්ද්‍රයෙන් ඉවතට එල්ල වී ඇත.

(Ans :1)

04 – 1999

තම කේන්ද්‍රය හරහා යන සිරස් අක්ෂයක් වටා භ්‍රමණය විය හැකි තිරස් වෘත්තාකාර මේසයක් මත කුඩා ස්කන්ධයක් තබා ඇත. මේසය භ්‍රමණය කළ විට එහි කෝණික ප්‍රවේගය ω අගයක් ගන්නා මොහොතේ ස්කන්ධය ලිස්සා යෑම ආරම්භ කරයි. මේස කේන්ද්‍රයේ සිට ස්කන්ධයට ඇති දුර දෙගුණ කළ විට ස්කන්ධය ලිස්සා යෑම ආරම්භ කිරීමට අවශ්‍ය අවම කෝණික ප්‍රවේගය වන්නේ,

1) ω/ 2
2) ω/2
3) ω
4) 2 ω
5) 2 ω

(Ans : 2)

03 – 1999

A හා  B අංශු දෙකක්, අරයයන් පිළිවෙළින් RA හා RB වූ ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක ගමන් ගන්නා අතර ඒවායේ භ්‍රමණ ආවර්ත කාල සමාන වේ.

 

 

1) RA /RB
2) RA2 / RB2
3) RA3 / RB3
4) RB / RA
5) RB3 / RA3

(Ans: 1)

02 – 1998

අරය 2 m වූ වෘත්තයක නියත වේගයකින් ගමන් කරන අංශුවක භ්‍රමණ කාලාවර්තය 2 s වේ. වෘත්තයේ කේන්ද්‍රය දෙසට අංශුවේ ත්වරණය වනුයේ,

1) 1/2 m s-2
2) 2 m s-2
3) 8 m s-2
4) 2π2 m s-2
5)  8π2 m s-2

(Ans:4)