14-2000

පෙන්වා ඇති විභවමාන පරිපථයේ E කෝෂයෙහි අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකි තරම් කුඩා ය. R ප්‍රතිරෝධයක් E ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට E0 කෝෂය සමඟ ලැබෙන l සංතුලන දිග දෙගුණ වේ. විභවමාන කම්බියේ ප්‍රතිරෝධය,

  1.    R/2
  2.    R
  3.    2R
  4.    3R
  5.    4R

(ans:2)

13-1999

කෝෂයක E වි.ගා.බලය නීර්ණය කිරීම සඳහා භාවිත කළ හැකි විභවමාන පරිපථ සටහනක් රූපයේ පෙන්වා ඇත. Es යනු සම්මත කෝෂයෙහි වි.ගා.බලය වේ.

පරිපථයෙහි නියමිත ක්‍රියාකාරීත්වයට අදාළව පහත දී ඇති වගන්ති අතරින් කුමක් සාවද්‍ය වේද ?

  1.    Es , E ට වඩා විශාල විය යුතුය.
  2.    සම්මත කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වැදගත් නැත.
  3.    උදාසීන ලක්ෂය, A කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මත රඳාපවතී.
  4.    සියලුම කෝෂවල අග්‍ර රූපයේ පෙන්වා ඇති පරිදි නිවැරදිව සම්බන්ධ කොට ඇත.
  5.    A කෝෂය මඟින් සර්පණ කම්බියට නොසැලෙන ධාරාවක් සැපයිය යුතුය.

(ans:1)

 

12-1998

රූපයේ පෙන්වා විභවමාන පරිපථයේ P කෝෂයේ අග්‍ර හරහා R ප්‍රතිරෝධයක් ඇති ප්‍රතිරෝධකයක් සම්බන්ධ කළ විට l සංතුලන දිග l/2 දක්වා අඩු වේ. P හරහා කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වනුයේ,

  1.   R/2
  2.    R
  3.    2R
  4.    3R/2
  5.    3R

(ans:2)

11-1997

රූපයේ පෙන්වා ඇති විභවමාන පරිපථයේ P කෝෂයේ වි.ගා.බ. EP ද අභ්‍යන්තර ප්‍රතිරෝධය rp ද වන අතර Q කෝෂයේ වි.ගා.බ. EQ ද අභ්‍යන්තර ප්‍රතිරෝධය rq ද වේ. මෙම සැකැස්මේ දී සංතුලන ලක්ෂ්‍යයක් ලබා ගැනීමට නොහැකි වීම සඳහා, ඇති පහත සඳහන් හේතු සලකා බලන්න.

A)    EP > EQ  සහ  rp  = 0 , rq > 0

B)    EP < EQ   සහ  rp > 0 ,  rq= 0

C)    EP  = EQ  සහ  rp > 0 , rq > 0

ඉහත හේතු අතරින් සත්‍ය වන්නේ,

  1.    A පමණි.
  2.    B පමණි.
  3.    C පමණි.
  4.    B සහ ක්C පමණි.
  5.    A,B සහ C සියල්ලම.

(ans:4)

 

 

10-1996

රූපයේ පෙන්වා ඇති විභවමාන පරිපථයේ R වෙනස් කළ විට විභවමානයේ සංතුලන දිග l එකම අගයේ පවතින බව නිරීක්‍ෂණය කරන ලදී. මෙය සිදු විය හැක්කේ,

A) Y හි අභ්‍යන්තර ප්‍රතිරෝධය, R සමඟ සසඳන විට නොගිණිය හැකි නම් පමණි.

B) X හි අභ්‍යන්තර ප්‍රතිරෝධය, R සමඟ සසඳන විට නොගිණිය හැකි නම් පමණි.

C) විභවමාන කම්බියේ ප්‍රතිරෝධය R සමඟ සසඳන විට ඉතා ඉහළ නම් පමණි.

ඉහත ප්‍රකාශ වලින්,

  1.    A පමණක් සත්‍ය වේ.
  2.    B පමණක් සත්‍ය වේ.
  3.    C පමණක් සත්‍ය වේ.
  4.    A සහ B පමණක් සත්‍ය වේ.
  5.    A සහ C පමණක් සත්‍ය වේ.

(ans:1)

09-1995

එකිනෙකට වෙනස් හරස්කඩ ක්‍ෂේත්‍රඵලයන්ගෙන් සහ ප්‍රතිරෝධකතාවයන්ගෙන් යුතු වුව ද එහෙත් L0 නම් එකම දිගකින් යුක්ත වූ ද PQ සහ RS නම් ඒකාකාර කම්බි දෙකක් රූපයේ පෙන්වා ඇති පරිදි V විභවයකට යටත් කර ඇත. A සහ B යනු මෙම කම්බි මත ඇති ලක්‍ෂ්‍ය දෙකක් වන අතර PA = l1 සහ RB = l2 නම් A සහ B ලක්‍ෂ්‍ය අතර විභව අන්තරය රඳා පවතිනු ලබන්නේ,

  1. සියලුම පරාමිති,එනම් හරස්කඩ ක්‍ෂේත්‍රඵල, ප්‍රතිරෝධකතා, L0 ,V සහ ( l2 L1) මත වේ.
  2. ප්‍රතිරෝධකතා, L0 , V සහ ( l2 L1) මත පමණි.
  3. L0 ,V සහ ( l2 – L1) මත පමණි.
  4. V සහ ( l2 L1) මත පමණි.
  5. ( l2 L1) මත පමණි.

(ans:3)

 

08-1993

රූපයේ පෙන්වා ඇති විභවමාන සැකැස්මෙහි AB කම්බියෙහි දිග 200 cm වන අතර E1 හි ඇති සම්මත කෝෂයෙහි වි.ගා.බ. 1.0183 V වේ. AP හි දිග 101.83 cm වන සේ ස්පර්ශකය සකසා ඇති අතර, G ගැල්වනෝමීටරය උත්ක්‍රමයක් නැති වන තෙක් R ප්‍රතිරෝධ වෙනස් කරනු ලැබේ. එවිට A සහ B ලක්‍ෂ්‍ය අතර සම්පූර්ණ විභව බැස්ම,

  1.    0.01 V
  2.    0.1 V
  3.    0.2 V
  4.    1 V
  5.    2 V

(ans:5)

 

07-1991

කෝෂයක වි.ගා.බ. E1 නීර්ණය කිරීම සඳහා විභව මාන ක්‍රමයේ සැකැස්මක් රූපයේ පෙන්වා ඇත. සංතුලන දිග වැඩි කිරීම සඳහා,

  1.     R අඩු කොට E වැඩි කළ යුතු ය.
  2.     R අඩු කොට E නොවෙනස්ව තැබිය යුතුය.
  3.     E වැඩි කොට R නොවෙනස්ව තැබිය යුතුය.
  4.     R වැඩි කොට E නොවෙනස්ව තැබිය යුතුය.
  5.     විභවමාන කම්බියේ විෂ්කම්භය අඩු කළ යුතුය.

(ans:4)

06-1990

පෙන්වා ඇති විභවමාන පරිපථයේ වි.ගා.බ. E0 නියතව පවතී නම් සහ වි.ගා.බ. E කාලය සමඟ අඩු වේ නම්, t කාලය  සමඟ සංතුලන දිග l හි වෙනස්වීම ආසන්න වශයෙන් නිරූපණය කරන ප්‍රස්තාරය වනුයේ,

  1.    
  2.    
  3.    
  4.    
  5.    

(ans:3)

 

05-1989

PX සහ XQ ඒකාකාර සෘජු කම්බි දෙකක් පෙන්වා ඇති ආකාරයට ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. PX තුනී කම්බියක් වන අතර එහි ප්‍රතිරෝධය 4Ω වේ. ඞූ ඝනකම කම්බියක් වන අතර එහි ප්‍රතිරෝධය 2Ω වේ. කම්බි දෙකම එක සමාන දිගකින් යුක්ත වේ.

P X Q ඔස්සේ එක් කම්බි දිගක ක්ෂමතා හානිය (W) සිරස් අක්ෂයේ දැක්වුවහොත් එය පහත දක්වා ඇති කුමන ප්‍රස්තාරය මගින් නිවැරදිව දැක්වෙයි ද?

 

  1.    
  2.    
  3.    
  4.    
  5.    

(ans:2)