28 – 2000

(A) රූපයේ පෙන්වා ඇති පරිදි, පුද්ගලයෙක් හිස් සිලින්ඩරාකාර බඳුනක ඉහළ ගැට්ට ඔස්සේ බලා සිටින විට බඳුනේ පතුලේ ප්‍රතිවිරුද්ධ කෙළවර යන්තමින් පෙනේ. ඇස එම පිහිටුමේ ම තබා ගනිමින් පැහැදිලි ද්‍රවයක් බදුනේ ඉහළ ගැට්ට දක්වා පුරවන ලදී. එවිට (B )රූපයේ පෙන්වා ඇති පරිදි පතුලේ හරි මැද ඇති කුඩා සලකුණක් ඔහුට දර්ශණය වේ. ද්‍රවයේ වර්තනාංකය දෙනු ලබන්නේ,

(Ans : 2)

25 – 1997

ගඟක පතුලෙහි සිටින පුද්ගලයෙක් ගඟෙහි ජල පෘෂ්ඨය හරහා රූපයේ දක්වා ඇති පරිදි ඉහළට ඇස් යොමු කරයි. ඔහුගේ ඇස් Pලක්‍ෂ්‍යයයේ පිහිටා ඇත. ගඟෙහි ජලය නිසලව පවතින අතර එය තුළින් පැහැලිදිව පෙනේ. පුද්ගලයා විසින් දකින දර්ශනය වඩාත් හොඳින් නිරූපණය වන්නේ,

(Ans : 1)

27 – 1998

G  වීදුරු කුට්ටියක පෘෂ්ඨයේ පවතින ජල ස්තරයක් (W) මතට වාතයේ ගමන් ගන්නා ඒකවර්ණ ආලෝක කිරණයක් පතිත වේ. කිරණයේ ඉනික්බිති ගමන් මාර්ගය නිවැරදි ව නිරූපණය කොට ඇත්තේ පහත පෙන්වා ඇති කුමන කිරණ රූප සටහනේ ද ?

( Ans : 5 )

26 – 1997

එක්තරා මාධ්‍යයකද 3 × 108  ms-1 වේගයකින් ගමන් ගන්නා තරංග ආයාමය 450 nm වූ ආලෝක තරංගයක් පළමු මාධ්‍යයේ වර්තන අංකය මෙන් 1.5 ගුණයකින් වර්තන අංකය ඇති තවත් මාධ්‍යයකට ඇතුල් වේ. දෙවන මාධ්‍යයේ දී තරංගයේ වේගය (V) සහ තරංග ආයාමය (λ) දෙනු ලබනුයේ,

V (ms-1)                                                                            λ(nm)

1)  3 x 108                                                                               300
2)  2 x 108                                                                               450
3)  2 x 108                                                                               300
4)  1.5 x 108                                                                            300
5)  1.5 x 108                                                                            450

( Ans : 3 )

24 – 1996

වර්තන අංකය n1 වූ මාධ්‍යයක් තුළින් ගමන් කරන ආලෝක කිරණයක වේගය v සහ තරංග ආයාමය λ 1 වේ. ඉන්පසු මෙම කිරණය වර්තන අංකය n2 වූ දෙවන මාධ්‍යයකට ඇතුලු වේ නම් දෙවන මාධ්‍යය තුළ දී එහි වේගය සහ තරංග ආයාමය නිවැරදිව දෙනු ලබන්නේ, 

1) n2v1/ n1  ,  λ1                                    2)n1v1/ n2   ,  λ1

3) n1v1/n2 ,  n1λ1/n2                           4) n2v1 /n ,  n2λ1/n1

5) n2v1/n1 ,  n1 λ1/n2

( Ans : 3 )

23 – 1996

වීදුරු මාධ්‍යයක් තුළ ගමන් කරන රතු ආලෝක කිරණයක් වන AO,XX ¹ වීදුරු – වාත ඇතුරු මුහුණත මත රූපයේ දැක්වෙන පරිදි α පතන කෝණයකින් පතනය වේ. මෙහි α යනු කහ ආලෝකය සඳහා වීදුරු – වාත අතුරු මුහුණතෙහි අවධි කෝණය වේ. රතු ආලෝක කිරණයෙහි ඉන් අනතුරුව ගමන් මාර්ගය / මාර්ග විය හැක්කේ,

(1) OE පමණි.
(2) OD පමණි.
(3) OBපමණි.
(4) OD සහ OE ය.
(5) OC සහOE ය.

( Ans : 5 )

22 – 1995

වර්තන අංක nසහ nB වන එකිනෙක සමඟ මිශ්‍ර නොවන පාරදෘශ්‍ය ද්‍රව දෙකක් බීකරයක් තුළ ඇත. (n> nB)  දණ්ඩක් මෙම ද්‍රව තුළ ගිල්වා ඉහළින් බැලූ විට එය දෘශ්‍යමාන වන්නේ,

(Ans : 1)

 

 

21 – 1995

දෘශ්‍ය ආලෝකය වාතයේ සිට වීදුරු තුළට යෑමේ දී සිදුවන වෙනස්කම් සාරාංශ කොට දැක්විය හැක්කේ පහත සඳහන් කවරකින් ද ?

(Ans : 5)

20 – 1993

විරල මාධ්‍යයක ගමන් ගන්නා ආලෝක තරංගයක් ගහණ මාධ්‍යයකට ඇතුළු වූ විට,
1)  එහි ප්‍රවේගය වැඩි වේ.
2) තරංගයේ සංඛ්‍යාතය පමණක් වෙනස් වේ.
3) තරංගයේ තරංග ආයාමය පමණක් වෙනස් වේ.
4) එහි සංඛ්‍යාතය සහ තරංග ආයාමය යන දෙකම වෙනස් වේ.
5) එහි සංඛ්‍යාතය සහ තරංග ආයාමය යන දෙකම නොවෙනස්ව පවතී.

( Ans : all )

19 – 1992

ගෝලාකාර වාත කුහරයක් සහිත වීදුරු කුට්ටියක් තුළින් ගමන් ගන්නා ආලෝක කිරණයක් රූපයේ පෙන්වා ඇත. කුහරය තුළ කිරණයේ ගමන් මඟ වඩාත් ම හොඳින්ම නිරූපණය වන්නේ කුමන කිරණය මඟින් ද ?

1)  A
2) B
3) C
4) D
5) E

( Ans : 5 )