13 – (2004 -18)

වෙනස් ද්‍රව්‍යවලින් සාදන ලද ඒකාකාර තහඩු යොදා ගනිමින් සමාන ස්කන්ධ හා සමාන බාහිර අරය සහිත A, B හා C යන රෝද තුනක් රූපයේ පෙන්වා ඇති පරිදි නිමවා ඇත. මෙම රෝද තුන ආනත තලයක මුදුනේ දී එකම උසක සිට එකවිට ම නිශ්චලතාවයේ සිට මුදා හරිනු ලැබේ. රෝද ලිස්සීමකින් තොරව පහළට පෙරලී යයි. ඒවා පළමු, දෙවන හා තෙවන වශයෙන් ආනත තලයේ පතුල කරා ළඟාවන අනුපිළිවෙළ වනුයේ,

(1) A,B,C
(2) B,C,A
(3) C,A,B
(4) B,A,C
(5) A,C,B

(Ans :2)

12 -(2003 -30)

සමාන මාන සහිත නමුත් ඝනත්ව dA සහ dB වන වෙනස් ද්‍රව්‍යවලින් සාදා ඇති A හා B ඒකාකාර දඬු දෙකක් රූපයේ පෙන්වා ඇති පරිදි භ්‍රමණය වේ. දඬුවල භ්‍රමණ චාලක ශක්තීන් සමාන නම්,

(Ans:4)

11 -2002

ජල බීකරයක පතුළට කිරල ඇබයක් තන්තුවක් මගින් අමුනා ඇත්තේ එම ඇබය ජල පෘෂ්ඨයට පහළින් සිටින පරිදිය. ඉන්පසු බීකරය එහි සිරස් අක්ෂය වටා නියත කෝණික වේගයකින් භ්‍රමණය කරවන ලදී. කුමන රූප සටහන මගින් කිරළ ඇබයේ නිවැරදි පිහිටීම පෙන්නුම් කරයිද ?

(Ans :3)

10 – (2002-47)

දිග l වු සහ ස්කන්ධය m වු සර්වසම ඒකාකාර දඬු පහක් සිරස් අක්ෂයක් වටා භ්‍රමණය කරන ලදී. මින් සමහරක් දඬු රූපයේ පෙන්වා ඇති පරිදි නමා ඇත. ඒවා නිශ්චලතාවයෙන් පටන්ගෙන අවසාන කෝණික වේගය ω0 දක්වා ත්වණය කරන ලදි. පහත සඳහන් කුමන සැකැස්මට අවසාන කෝණක වේගය (ω0)ලබා ගැනීම සඳහා අඩුම ශක්තියක් අවශ්‍ය වේද ?

(Ans: 5)

09 – 2000

කේන්ද්‍රය හරහා යන අභිලම්බ අක්ෂය වටා අවස්ථිති ඝූර්ණය 9kgm2 වූ ජව රෝදයක් මෝටරයකට සම්බන්ධ කර ඇත. මෝටරය මගින් ජව රෝදය නිශ්චලතාවේ සිට මිනිත්තුවකට පරිභ්‍රමණ 600 දක්වා ත්වරණය කරනු ලැබේ. ඝර්ෂණය නො සලකා හැරියහොත් ජවරෝදය මත කරන ලද කාර්යය,

1)   900π² J
2)   1800π² J
3)   3600π² J
4)   4000π² J
5)   6000π² J

( Ans : 2 )

08 – 1999

පද්ධතියක කෝණික ගම්‍යතාව
( A ) පද්ධතිය මත ක්‍රියාකරන සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වූ විට පමණක් සංස්ථිතික වේ.
( B )  එහි කෝණික ප්‍රවේගයෙහි දිශාවට ම පවතී.
( C ) පද්ධතියෙහි ස්කන්ධ ව්‍යාප්තියෙන් ස්වායත්ත වේ.
ඉහත ප්‍රකාශ වලින්
1) Aපමණක් සත්‍ය වේ.
2) B පමණක් සත්‍ය වේ.
3) C පමණක් සත්‍ය වේ.
4) B හා C පමණක් සත්‍ය වේ.
5) A,B හා C යන සියල්ල ම සත්‍ය වේ.

( Ans : 2 )

07 – 1999

ස්කන්ධ සහ අරයයන් සමාන වූද, එක එකෙහි අක්‍ෂ වටා අවස්ථිති ඝූර්ණ පිළිවෙලින් IR, ID හා IS   (IR >ID >IS) වූද වලල්ලක් තැටියක් සහ ගෝලයක් දී ඇති උසක සිට ආනත තලයක් දිගේ ලිස්සීමකින් තොරව පෙරළී යයි. ආනත තලයේ පහළ කෙළවරට ළඟාවීමට වළල්ලට තැටියට සහ ගෝලයට ගතවන කාල පිළිවෙලින් tr,td හා ts නම්,

1) tr < t< ts
2) tr = t= ts
3) tr > t> ts
4) tr > t= ts
5) tr > t< ts

( Ans : 3 )

06 – 1999

කෝණික ප්‍රවේගයේ මාන වනුයේ,

1) LT-1
2) T-1
3) LT-2
4) T
5) L-1T-1

( Ans : 2 )

05 – 1998

තාරකා බිහිවිය හැක්කේ භ්‍රමණය වන විශාල ස්කන්ධ ඉතා කුඩා පරිමාවන්ට සංකෝචනය වීමෙනි. මෙවැනි සංකෝචනවල දී, භ්‍රමණය වන ස්කන්ධයේ අවස්ථිති ඝූර්ණය සහ කෝණික ප්‍රවේගය වෙනස් වන්නේ කෙසේ ද?

අවස්ථිති ඝූර්ණය                                                                කෝණික ප්‍රවේගය
1) අඩු වේ                                                                                    අඩු වේ
2) අඩු වේ.                                                                                  වැඩි වේ
3) වැඩි වේ.                                                                                අඩු වේ
4) වැඩි වේ                                                                                 වැඩි වේ
5) අඩු වේ.                                                                                 වෙනස් නොවේ

( Ans : 2 )

04 – 1998

‘‘කෝණික ත්වරණය X කාලය”යන ගුණිතයේ මාන,
1)කෝණික විස්ථාපනයේ මාන වේ.
2) කෝණික ප්‍රවේගයේ මාන වේ.
3) ව්‍යාවර්තනයේ මාන වේ.
4) අවස්ථිති ඝූර්ණයේ මාන වේ.
5) කාර්යයේ මාන වේ.

( Ans : 2 )