11 – (2009-04)

ලෝහ තැටියක් එක්තරා සංඛ්‍යාතයකින් යුක්ත වූ ආලෝකය මගින් ප්‍රදීපනය කරනු ලැබේ. තැටියෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වන්නේ ද හෝ නොවන්නේ ද යන්න නිර්ණය වන්නේ පහත සඳහන් කුමක් මගින් ද ?

(1) ආලෝකයේ තීව්‍රතාවය.
(2) තැටිය ආලෝකයට නිරාවරණය වී ඇති කාලය.
(3) තැටිය සාදා ඇති ද්‍රව්‍යයේ තාප සන්නායකතාව.
(4) තැටියේ වර්ගඵලය.
(5) තැටිය සාදා ඇති ද්‍රව්‍යය.

(Ans: 5)

10 – (2008-13)

එක්තරා ප්‍රකාශ කැතෝඩයක් මතට පතිත වන නිල් සහ රතු ආලෝකය ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන නිපදවයි. පහත සඳහන් කුමන ප්‍රකාශය සත්‍ය ද ?

(1) විමෝචනය වු ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනවල උපරිම චාලක ශක්තිය නිල් ආලෝකය සඳහා වඩා වැඩිය.
(2) නැවතූම් විභවය රතු ආලෝකය සඳහා වඩා වැඩිය.
(3) ප්‍රකාශ කැතෝඩ ද්‍රව්‍යයෙහි කාර්ය ශ්‍රිතය නිල් ආලෝකය සඳහා වඩා වැඩිය.
(4) විමෝචනය වන ප්‍රකාශ ඉලෙක්ට්‍රෝන ගණන නිල් ආලෝකය සඳහා සෑමවිටම වැඩිය.
(5) නැවතූම් විභවය වර්ණ දෙකට ම එක මය.

(Ans: 1)

09 – (2007-05)

ප්‍රකාශ විද්‍යූත් ආචරණය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

(A) ආලෝකය ශක්ති පොදි ලෙස උපකල්පනය කර මෙම ආවරණය විස්තර කළ හැකිය.

(B) දී ඇති ඒකවර්ණ පතන ආලෝකයක් සඳහා විමෝචනය වන ඉලෙක්ට්‍රෝන වල ශක්තිය ද්‍රව්‍යය මත රඳා නො පවතී.

(C) පතන ආලෝකයේ තීව්‍රතාව මත ඉලෙක්ට්‍රෝන විමෝචනය වීමේ ශීඝ්‍රතාව රඳා පවතී.

ඉහත ප්‍රකාශ අතුරෙන්,
(1) A සහ B පමණක් සත්‍ය වේ.
(2) B සහ C පමණක් සත්‍ය වේ.
(3) A සහ C පමණක් සත්‍ය වේ.
(4) A,B සහ C යන සියල්ල ම සත්‍ය වේ.
(5) A,B සහ C යන සියල්ල ම අසත්‍ය වේ.

(Ans: 4)

08 – (2006)

තරංග ආයාමය 5000A වු ආලෝකය, කාර්යය ශ්‍රිතය 2.28V වන සෝඩියම් පෘෂ්ඨයක් මතට පතිත වේ. විමෝචනය වන
ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනවල උපරිම චාලක ශක්තිය වන්නේ,

(hc=12.4×103eVA)

(1) 0.03eV
(2) 0.20eV
(3) 0.60eV
(4) 1.30eV
(5) 2.00eV

(Ans:2)

 

07 – (2005 – 24)

ප්‍රකාශ සංවේදී පෘෂ්ඨයක් λ1, λ2 හා λ3 ( λ1 > λ2 > λ3) තරංග ආයාමයන් සහිත ආලෝකයෙන් වෙන් වෙන් ව ප්‍රදීපනය කරනු ලැබේ. අවස්ථා තුනෙහි දී ම ආලෝකයේ තීව්‍රතාවය (තත්පරයකට පතනය වන පෝටෝන සංඛ්‍යාව) එකම අගයක පවත්වා ගනු ලැබේ. ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනවල ධාරා වෝල්ටීයතා ලාක්ෂණිකය වඩාත් ම හොදින් නිරූපණය කරනු ලබන්නේ,

 

(Ans:4)

06 – (2003 – 10)

ලෝහ තහඩුවක් යම්කිසි සංඛ්‍යාතයකින් යුත් ආලෝක කදම්බයක් මගින් ආලෝකමත් කරන ලදී. පහත සඳහන් ඒවායින් කුමක් මගින් ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වේද නැද්ද යන්න නීර්ණය කරයිද?

(1) ආලෝකයේ තීව්‍රතාවය.
(2) ආලෝකයට නිරාවරණය කර ඇති කාල සීමාව.
(3) තහඩුවේ පෘෂ්ඨික වර්ග ඵලය.
(4) ලෝහ වර්ගය.
(5) පතන ෆෝටෝන වල වේගය.

(Ans:4)

05 – (2002 – 33)

ප්‍රකාශ සංවේදී පෘෂ්ඨයක් මතට ඒක වර්ණ ආලෝක කදම්භයක් පතිත වේ. කදම්භයේ තීව්‍රතාවය වැඩි කළ විට,

(1) ඉලෙක්ට්‍රෝන විමෝචනය වන සීඝ්‍රතාවය වැඩි වේ.
(2) ඉලෙක්ට්‍රෝන විමෝචනය වන සීඝ්‍රතාවය අඩු වේ.
(3) විමෝචනය වන ඉලෙක්ට්‍රෝනවල ශක්තිය වැඩි වේ.
(4) විමෝචනය වන ඉලෙක්ට්‍රෝනවල ශක්තිය අඩු වේ.
(5) ඉලෙක්ට්‍රෝන විමෝචනය වන සීඝ්‍රතාවය හා ශක්තිය වෙනස් නොවේ.

(Ans: 1)

04 – (2001 – 54)

එක්තරා ලෝහයක් මත තරංග ආයාමය λ වූ ඒක වර්ණ ආලෝකය පතනය වූ විට ඉලෙක්ට්‍රෝන විමෝචනය වේ. h ප්ලාන්ක් නියතය සහ c ආලෝකයේ ප්‍රවේගය වේ. පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

(A) ලෝහයෙන් විමෝචනය වන ඉලෙක්ට්‍රෝනවල චාලක ශක්තිය hc/λ ට වඩා කුඩාවේ.
(B) ලෝහයෙන් විමෝචනය වන ඉලෙක්ට්‍රෝනවල චාලක ශක්තිය ලෝහය සාදා ඇති ද්‍රව්‍යය මත රදා නොපවතී.
(C) ඉලෙක්ට්‍රෝන විමෝචනය වීමේ සීඝ්‍රතාව λ මත රඳා පවතී

මින් සත්‍ය වන්නේ,
(1) A පමණක් සත්‍ය වේ.
(2) A සහ B පමණක් සත්‍ය වේ.
(3) A සහ C පමණක් සත්‍ යවේ.
(4) B සහ C පමණක් සත්‍ය වේ.
(5)A,B සහ C සියල්ලම සත්‍ය වේ.

(Ans: 1)

03 – (2000)

ආලෝක කදම්භයක් ප්‍රකාශ සංවේදී පෘෂ්ඨයක් මතට පතනය වේ. පතන කදම්භයෙහි තීව්‍රතාව වෙනස් නොකරන්නේ නම්, තත්පරයකදී මුක්තවන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව N පතන ආලෝකයෙහි සංඛ්‍යාතය  f සමග විචලනය වන ආකාරය හොඳින්ම නිරූපණය කරනු ලබන්නේ පහත කවර ප්‍රස්ථාරයකින්ද?
(මෙහි f0 මගින් ප්‍රකාශ සංවේදී ද්‍රව්‍යයෙහි දේහලිය සංඛ්‍යාතය නිරූපණය වේ)

(Ans: 4)

02 – (1998 -26)

ප්‍රකාශ විද්‍යුත් ආචරණය පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්නග
A) පතනය වන ආලෝකයේ තීව්‍රතාව සමග විමෝචනය වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩිවේ.
B) පතනය වන ආලෝකයේ තීව්‍රතාව සමග විමෝචනය වන ඉලෙක්ට්‍රෝනවල උපරිම ප්‍රවේගය වැඩිවේ.
C) පතනය වන ආලෝකයේ තරංග ආයාමය සමග විමෝචනය වන ඉලෙක්ට්‍රෝනවල උපරිම ප්‍රවේගය වැඩිවේ.

ඉහත ප්‍රකාශ වලින්,
(1) Aපමණක් සත්‍යවේ.
(2) B පමණක් සත්‍යවේ.
(3) C පමණක් සත්‍ය වේ.
(4) A හා B පමණක් සත්‍යවේ.
(5) A හා C පමණක් සත්‍යවේ.

(Ans:1)