16 –

ස්නේහක තෙලකට තිබිය යුත්තේ,
(1) වැඩි පෘෂ්ඨික ආතතියක් ය.
(2) වැඩි දුස්ස්‍රාවිතාවක් ය.
(3) අඩු දුස්ස්‍රාවිතාවක් ය.
(4) අඩු පෘෂ්ඨික ආතතියක් ය.
(5) වැඩි පෘෂ්ඨික ආතතියක් හා අඩු දුස්ස්‍රාවිතාවක් ය.

(Ans – 2)

15 – 1988

වෙනස් හරස්කඩ කේෂ්ත්‍රඵලද සමාන දිග ද ඇති කේශීක බට දෙකක් රූපයේ දක්වා ඇති පරිදි එකිනෙකට සම්බන්ධ කොට ඇත. මෙම පද්ධතිය තිරස්ව තබා ඇති අතර එය තුලින්A සිට C දක්වා අනවරත ලෙස ජලය ගලා යයි. බටය දිගේ ජල පීඩනය (p) වෙනස්වන අයුරු හොදින් නිරූපනය වන ප්‍රස්ථාරය වනුයේ,

(Ans – 1)

14 -1987

කේශික නළයක් තුළ සමාක්ෂව සිටින සේ සිහින් සිලින්ඩරාකාර (විෂ්කම්බය BC මගින් දක්වා ඇති) කම්බියක් රූප සටහනේ පෙනෙන ආකාරයට සකසා ඇත. නළය තුලින් අනාකූලව දුස්ස්‍රාවී ද්‍රවයක් ගලයි නම්, නළයේ AD විෂ්කම්භය දිගේ ද්‍රව ස්තරවල වේගය(V) වෙනස්වීම හොඳින්ම නිරූපණය වන්නේ පහත දැක්වෙන කුමන ප්‍රස්ථාරයෙන් ද ?

(Ans – 2)

13 – 1987

අරය r හා ඝනත්වය 2ρ වූ s නම් කුඩා ගෝලාකාර වස්තුවක් ඝනත්වය ρ වූ L දුස්ස්‍රාවීය ද්‍රවයක සිරස්ව පහළට ගමන් කර ඪ ආන්ත ප්‍රවේගයක් ලබා ගනී- පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න-
A) s හි ඝනත්වය දෙගුණ කලහොත් එය L තුළ 2V ආන්ත ප්‍රවේගයකින් ගමන් කරයි.
B) s හි අරය දෙගුණ කලහොත් එය ඛ තුළ 2V ආන්ත ප්‍රවේගයකින් ගමන් කරයි.
C) L වෙනුවට එයට සමාන දුස්ස්‍රාවිතා සංගුණකයකින් යුතු එහෙත් ඝනත්වය 3ρ වූ ද්‍රවයක් තිබුනේ නම් s හි ආන්ත ප්‍රවේගයේ විශාලත්වය නොවෙනස්ව පවතී.

ඉහත සදහන් ප්‍රකශ වලින්,
(1) Aපමනක් සත්‍ය වේ.
(2) B පමනක් සත්‍ය වේ.
(3) C පමනක් සත්‍ය වේ.
(4)A සහ B පමනක් සත්‍ය වේ.
(5) B සහ C පමනක් සත්‍ය වේ.

(Ans – 3)

12 – 1986

දුස්ස්‍රාවීය ද්‍රවයක් කේශික බටයක් තුලින් ගලන සීඝ්‍රතාවQ සම්බන්ධව කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
(A) බටයේ දිග දෙගුණ කිරීමෙන් Q දෙගුන කල හැකිය.
(B) බටයේ විෂ්කම්භය දෙගුණ කිරීමන් Q දහසය ගුණයකින් වැඩි කළ හැකිය.
(C) බටයේ දිග සහ බටයේ හරහා පීඩන අන්තරය යන දෙකම දෙගුණ කළ විට Q නොවෙනස්ව පවති.
ඉහත සඳහන් ප්‍රකශ වලින්,
(1) A පමණක් සත්‍ය වේ.
(2) B පමණක් සත්‍ය වේ.
(3) C පමණක් සත්‍ය වේ.
(4)B සහ C පමණක් සත්‍ය වේ.
(5) A, B සහ C යන සියල්ලම සත්‍ය වේ.

(Ans 4)

11 – 1985

ද්‍රවයක දුස්ස්‍රාවිතාව නිරවද්‍ය ව සෙවීම සදහා කරන ලද පරීක්‍ෂණයකදී තිරස්ව තබන ලද සිහින් වීදුරු නළයක් තුලින් එම ද්‍රවය අනවරතව ගලායාමට සලස්වන ලදි- මෙහි දී පහත සදහන් රාශීන්ගෙන් කුමන රාශිය වඩාත්ම නිරවද්‍ය ව දැනගත යුතුව ඇති දරෑ
(1) වීදුරු නළයේ දිග.
(2) වීදුරු නළයේ අභ්‍යන්තර විෂ්කම්භය.
(3) ද්‍රවයේ ඝනත්වය.
(4)නළය දිගේ පීඩන අනුක්‍රමනය.
(5) ද්‍රවය ගලා යෑමේ සීඝ්‍රතාවය.

(Ans – 2)

10 – 1984

අරයයන් r1 සහ r2 වන කුඩා ලෝහ ගෝල දෙකක්, දුස්ස්‍රාවී ද්‍රවයකින් පුරවා ඇති උස භාජනයක් තුළදී නිශ්චලතාවේ සිට මුදාහරින ලදි. ගෝල මගින් ලබා ගත් ආන්ත ප්‍රවේග පිළිවෙලින් V1 සහ V2 නම්  V1 / V2 අනුපාත සමාන වනුයේ,

(Ans – 4)

 

09 – 1983

රූපයේ පෙන්වා ඇති අයුරු භාජනයකට සර්වසම මාන සහිත ඇත් දොර සහ බිහිදොර නල දෙකක් ඇත. කාලය t = 0 වන විට භාජනය තුළ ජලයෙහි උස ho වන අතර නියත ද්‍රව මට්ටම් උපකරණයක් ආධාරයෙන් ඉහළ නලය තුළින් ජලය භාජනයට ගලා එයි. නියත ද්‍රව මට්ටම උපකරණය ඉහළ නලයෙහි දෙකෙළවර හරහා ජලයH(H < ho) උසක පීඩනයක් පවත්වා ගනී. h උසෙහි කාලය සමඟ විචලනය ලබා දෙනුයේ,

(Ans – 4)

08 – 1983

ජලය ඇති ගැඹුරු විලකල ගෝලාකාර තෙල් බිංදුවක් ඉහළට ගමන් කරයි. ටික වේලාවකට පසුව එය Vo ආන්ත ප්‍රවේගය ලබා ඉන් පසු සර්වසම කුඩා ගෝලාකාර බිංදු දෙකකට කැඩී යයි. කුඩා බිංදු දෙකම තව දුරටත් ඉහළට ගමන් කරයි නම්, එක එකෙහි ආන්ත ප්‍රවේගය,

(1) Vo(21/3)
(2) Vo(2-2/3)
(3) Vo(21)
(4) Vo(22/3)
(5)  Vo

(Ans – 2)

07 – 1982

රූපයෙහි AB වලින් වාතය තුලින් නිදහස්ව වැටෙන ගෝලාකාර වැහි බිංදුවක පහළට ඇති ප්‍රවේගය V,t කාලයේ හි ශ්‍රිතයක් ලෙස පෙන්වයි.B හි දි වැහි බිංදුව කුඩා සර්ව සම බිංදු දෙකකට බිඳී යන අතර එම බිංදු දෙකම BC වක්‍රයෙන් පෙන්වා ඇති ප්‍රවේගයට අනුව දිගටම පහළ වැටේ.

ප්‍රස්තාරයේ පෙන්වා ඇති V1 හි අගය,

(1) Vo/8 වේ
(2) Vo/4 වේ
(3) Vo/2 වේ
(4)Vo/21/3 වේ
(5) Vo/41/3වේ

( Ans : 5)