23 – (2005 – 12)

පරිමාව V වූ වීදුරු භාජනයක් පරිමා ප්‍රසාරණතාව  ϒl වූ ද්‍රවයකින් සම්පූර්ණයෙන් පුරවා ඇත. වීදුරුවල පරිමා ප්‍රසාරණතාව ϒg l ˃ ϒg ) වේ. වීදුරු භාජනයේ උෂ්ණත්වය θ ප්‍රමාණයකින් වැඩි කළ විට ඉවතට ගලන ද්‍රව පරිමාව

(1) V (ϒl – ϒg
(2) V (ϒl + ϒg
(3) V ϒl θ
(4)V ϒgθ
(5) ශුන්‍ය වේ.

(Ans : 1)

22 -(2004 – 21)

රේඛීය ප්‍රසාරණතාව 2 × 10-5 K-1 වූ ද්‍රවයකින් සාදා ඇති ලෝහ කම්බි දඟරයකට n පොට සංඛ්‍යාවක් ඇත. දඟරයේ අරය R (රූපය බලන්න.) නියතව තබා ගනිමින් එහි උෂ්ණත්වය
1ºC කින් වැඩි කළ විට පොට සංඛ්‍යාව n+ 1 විය. n හි අගය වන්නේ,

(1) 2.5 × 109
(2) 105
(3) 5 × 104
(4) 2.5 × 104
(5)  √5 × 104

(Ans :3)

21 – (2003 – 17)

රේඛීය ප්‍රසාරණතාව 1.2 x 10-5 0C-1   වූ වානේ තහඩුවක වෘත්තාකාර සිදුරක් සාදා ඇත. තහඩුවේ උෂ්ණත්වය 100ºC කින් ඉහළ නැංවුවහොත් සිදුරෙහි වර්ගඵලය,

(1) 2.4 x 10-3 භාගයකින් වැඩි වේ.
(2) 2.4 x 10-3 භාගයකින් අඩු වේ.
(3) 1.2 x 10-3 භාගයකින් වැඩි වේ.
(4) 1.2 x 10-3 භාගයකින් අඩු වේ.
(5) නොවෙනස්ව පවතී.

(Ans:1)

20 – (2002 – 05)

ලෝහයක පරිමා ප්‍රසාරණතාව සමාන වනුයේ එහි,

(1) රේඛීය ප්‍රසාණරතාවට ය.
(2) රේඛීය ප්‍රසාරණතාවයේ දෙගුණයට ය.
(3) රේඛීය ප්‍රසාරණතාවයේ තුන් ගුණයට ය.
(4) රේඛීය ප්‍රසාරණතාවයෙ හරි අඩකට ය.
(5) රේඛීය ප්‍රසාරණතාවයේ තුනෙන් එකකට ය.

(Ans:3)

19 – ( 1999-23)

එක් කෙළවරක් වසන ලද කුඩා වීදුරු නළයක් හරි අඩක් දක්වා, කාමර උෂ්ණත්වයේ දී රසදියවලින් පුරවා ඇත. වීදුරුවල සහ රසදියෙහි පරිමා ප්‍රසාරණතා පිළිවෙළන් ϒg හා ϒm වේ. රසදිය මඟින්, වීදුරු නළයෙහි සම්පූර්ණ පරිමාව ම අයත් කර ගැනීම සඳහා අවශ්‍ය උෂ්ණත්ව වැඩි වීම වන්නේ,

 

(Ans:4)

 

18 – ( 1998 – 10)

ඝන ද්‍රව්‍යයක්, උෂ්ණත්වය 0 ºC සිට 10 ºC දක්වා රත් කළ විට පරිමාවේ සිදුවන භාගික වෙනස් වීම 0.027 නම්, ඝන ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාව වනුයේ,

1)0.0003 oC-1
2)0.0009 oC-1
3)0.0027 oC-1
4)0.003 oC-1
5)0.009 oC-1

( Ans : 2 )

17 – (1997 -33)

වීදුරු – රසදිය උෂ්ණත්වමානයයක බල්බයේ පරිමාව 0.5cm3 වන අතර කඳෙහි අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලය 4 x10-4cm2  වේ. උෂ්ණත්මානයේ 0ºC හා 100ºC සලකුණු අතර දුර
20 cm වේ නම් වීදුරු තුළ රසදියෙහි දෘශ්‍ය පරිමා ප්‍රසාරණතාව ආසන්න වශයෙන්,

(1) 8 × 10-5  0C-1  
(2) 1.6 × 10-5  0C-1
(3) 8 × 10-4  0C-1  
(4)  1.6 × 10-4  0C-1
(5)  3.2 × 10-5  0C-1

(Ans :4)

16 – (1996 – 06)

A රූපය, ඒකාකාර ඇලුමිනියම් තහඩුවක කපන ලද විෂ්කම්භය d වන සිදුරක් පෙන්වයි. B රූපය ඒකාකාර වෘත්තාකාර ඇලුමිනියම් තැටියක් පෙන්වන අතර C රූපය ඒකාකාර ඇලුමිනියම් කම්බියකින් සාදන ලද සර්පිලයක් පෙන්වයි. ΔdA, ΔdB, සහ  ΔdC යනු දෙන ලද උෂ්ණත්ව වෙනසක් සඳහා A,B සහ C හි පිළිවෙලින් සිදු වන d හි වෙනස්කම් නම්,

(1) ΔdA = ΔdB < ΔdC
(2) ΔdA = ΔdB > ΔdC
(3) ΔdA < ΔdB < ΔdC
(4) ΔdA = ΔdB = ΔdC
(5) ΔdA < ΔdB > ΔdC

(Ans : 4)

15- (1995 – 33)

80 mm × 20 mm ඇලුමිනියම් තහඩුවක 20 mm × 5 mm මාන ඇති සෘජුකෝණාස්‍රාකාර සිදුරක් ඇත. තහඩුව ඒකාකාරව රත් කළ විට එහි දිග 0.002% ක් වැඩි වේ. එවිට සිදුරෙහි දිග.

(1) 4.0 x10-4 mm  ප්‍රමාණයකින් වැඩි වේ.
(2) 4.0 x10-4 mm ප්‍රමාණයකින් අඩු වේ.
(3)1.2 × 10-4 mm ප්‍රමාණයකින් වැඩි වේ.
(4) 1.2 × 10-4 mm ප්‍රමාණයකින් අඩු වේ.
(5) නොවෙනස්ව පවති.

(Ans: 1)

14 – (1994 – 38)

පරිමා ප්‍රසාරණතාව ϒ වූ ද්‍රවයකින් ඒකාකාර සිලින්ඩරාකාර භාජනයක් h0 උසක් පුරවා ඇත. සිලින්ඩරය තනා ඇති ද්‍රවයේ රේඛීය ප්‍රසාරණතාව α වේ. පද්ධතියේ උෂ්ණත්වය θ වලින් නැංවූ විට ද්‍රවයේ අලුත් උස h දෙනු ලැබෙනුයේ,

(Ans: 3)