11-1991

A සහ B නම් සරසුල් දෙකක් එකවර නාදකළ විට තත්පරයකට නුගැසුම් 10 ක් උපදවයි. A සරසුලේ බාහුවක් මත කුඩා ඉටි කැබැල්ලක් සවිකළ විට තත්පරයකට නුගැසුම් 5 ක් පමණ ඇසිණ. B සරසුලේ සංඛ්‍යාතය 200 Hz නම් ඉටි සවිකළ පසු ් සරසුලේ සංඛ්‍යාතය වන්නේ,

  1.    190 Hz
  2.    195 Hz
  3.    200 Hz
  4.    205 Hz
  5.    210 Hz

(ans:2)

10-1981

සංඛ්‍යාතය 252 Hz වූ සරසුලක් තවත් දෙවැනි සරසුලක් සමඟ එකට නාද කළ විට තත්පරයකට නුගැසුම් දෙක බැගින් ඇසේ. පළමු සරසුලේ එක් දැත්තකට ඉටි ස්වල්පයක් සවි කර එහි බර වැඩි කළ විට නුගැසුම් සංඛ්‍යාව තත්පරයකට එක දක්වා අඩු වේ. දෙවැනි සරසුලේ සංඛ්‍යාතය විය හැක්කේ,

  1.    250 Hz
  2.    251 Hz
  3.    252 Hz
  4.    253 Hz
  5.    254 Hz

(ans:5)

09-2005

සංඛ්‍යාතය 1 kHz වූ හඬක් නිකුත් කරන, නිශ්චලතාවයේ ඇති ධ්වනි ප්‍රභවයක් දෙසට 20 ms‾¹ වේගයකින් මෝටර් රථයක් ගමන් කරයි. මෝටර් රථයෙන් පරාවර්තනයවී නැවත ප්‍රභවයට පැමිණෙන තරංග, මුල් තරංග සමඟ නූගැසුම් ඇති කිරීමට භාවිත කරනු ලැබේ. නුගැසුම්වල සංඛ්‍යාතයේ ආසන්නතම අගය වන්නේ (වාතයේ ධ්වනි වේගය 320 ms‾¹ ලෙස භාවිත කරන්න.)

  1.    59 Hz
  2.    62 Hz
  3.    111 Hz
  4.    118 Hz
  5.    133 Hz

(ans:5)

08-2004

නවතා ඇති කාරයක් තුළ සිටින රියැදුරෙක්, තම කාරය දෙසට මුහුණලා එන තවත් කාරයක් දැක ඔහුගේ නළාව ශබ්ද කරයි. නවතා ඇති කාර් රථයෙහි නළාවේ සංඛ්‍යාතය 340 Hz ද, වාතයේ ධ්වනි වේගය 340 ms‾¹ ද වේ. චලිත වන රථයෙහි රියැදුරා මෙම ශබ්දයේ සංඛ්‍යාතය 348 Hz ලෙස අනාවරණය කරන්නේ නම් ඔහුගේ රථයේ වේගය,

  1.    2.0 ms‾¹
  2.    3.0 ms‾¹
  3.    4.0 ms‾¹
  4.    6.0 ms‾¹
  5.    8.0 ms‾¹

(ans:5)

07-2003

රේඛීය මාර්ගයක 30 ms‾¹ ප්‍රවේගයකින් ගමන් ගන්නා දුම්රියක් 600 Hz සංඛ්‍යාතයකින් යුත් ශබ්දයක් නිකුත් කරයි. වාතයේ ධ්වනි වේගය 330 ms‾¹ නම් මාර්ගය දිගේ ඉදිරියට ප්‍රචාරණය වන ශබ්දයේ තරංග ආයාමය වනුයේ,

  1.     30 cm
  2.     40 cm
  3.     45 cm
  4.     50 cm
  5.     55 cm

(ans:4)

06-2002

නිරීක්ෂකයෙක් 600 Hz සංඛ්‍යාතයක් සහිත නාද වෙමින් පවතින, නිශ්චලතාවයේ ඇති සයිරන් නලාවක් දෙසට 40 ms‾¹ වේගයකින් ගමන් කරයි. වාතයේ ධ්වනි වේගය 320 ms‾¹ නම් නිරීක්ෂකයට ඇසෙන ශබ්දයේ සංඛ්‍යාතය වන්නේ,

  1.    686 Hz
  2.    675 Hz
  3.    600 Hz
  4.    533 Hz
  5.    525 Hz

(ans:2)

05-2001

දුම්රියක් සෘජු මාර්ගයක ගමන් ගනී. තවත් දුම්රියක් එම දිශාවටම එම වේගයෙන්ම පළමු දුම්රිය පිටුපසින් ගමන් කරයි. පළමු දුම්රිය f0 සංඛ්‍යාතයෙන් යුත් නලාවක් නාද කරනු ලැබේ. දෙවන දුම්රිය තුළ අචලව සිටින මගියෙකුට ඇසෙන නලාවේ දෘශ්‍ය සංඛ්‍යාතය f නම්,

  1.     f > f0
  2.     f < f0
  3.     f = f0
  4.     f = 2f0
  5.     f = f0/2

(ans:3)

04-2000

නියත fs සංඛ්‍යාතයකින් යුත් සංඥා නිකුත් කරන ධ්වනි ප්‍රභවයක් රූපයේ පෙන්වා ඇති පරිදි වෘත්ත චාපයක් ඔස්සේ V ඒකාකාර වේගයකින් ගමන් කරයි. X ලක්ෂ්‍යයේ නිරික්ෂකයෙකු නිශ්චල ව සිටියි. 0 යනු වෘත්තයේ කේන්ද්‍රයයි. ප්‍රභවය A සිට B දක්වා
ගමන් කරන විට නිරීක්ෂකයාට ඇසෙන f සංඛ්‍යාතයේ විචලනය හොඳින්ම නිරූපණය වන්නේ,

  1.    
  2.    
  3.    
  4.    
  5.    

(ans:2)

03-1999

නළාව නාද කරමින් ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරන දුම්රියක් නිශ්චල නිරීක්ෂකයෙකු පසුකරයි. දුම්රිය, නිරීක්ෂකයා පසු කිරිමට පෙර සහ පසුව ඔහුට ඇසෙන සංඛ්‍යාත අතර අනුපාතය 6 : 5 වේ. වාතයේ දී ධ්වනි වේගය 330 ms‾¹ නම්, දුම්රියෙහි වේගය වනුයේ,

  1.   10 ms‾¹
  2.   15 ms‾¹
  3.   20 ms‾¹
  4.   25 ms‾¹
  5.   30 ms‾¹

(ans:5)

02-1998

රූපයේ පෙන්වා ඇති ආකාරයට S ධ්වනි ප්‍රභවය, නිශ්චලව සිටින 0 නිරීක්ෂකයෙකු දෙසට සහ ඉවතට චලනය වේ. වාතයේ ධ්වනි ප්‍රවේගය (V0 ) සහ ප්‍රභවයේ ප්‍රවේගය ( VS) අතර අනුපාතය, එනම් (V0/VS) හි අගය 11 නම් නිරීක්ෂකයාට ඇසෙන දෘශ්‍ය සංඛ්‍යාතයෙහි උපරිම සහ අවම අගයන්හි අනුපාතය,

  1.   1
  2.   11/10
  3.   12/11
  4.   6/5
  5.   11

(ans:4)