20 – 1999

නිශ්චලතාවේ සිට නිදහසේ පහළට වැටෙන වස්තුවක් පළමුවන , දෙවන හා තුන්වන තත්පර තුළ දී ගමන් ගන්නා දුරවල් අතර අනුපාතය වනුයේ,

1) 1 : 2 : 3
2) 1 : 4 : 9
3) 1 : 2 : 9
4) 1 : 1 :1
5) 1: 3: 5

(Ans : 5)

19 -1997

ස්කන්ධයන් M සහ 2M වූ කුඩා වස්තු දෙකක් පොළොව මට්ටමේ සිට පිළිවෙලින් 2h සහ h වූ උස මට්ටම් වලින් නිශ්චලතාවේ සිට නිදහස් කරනු ලැබේ. පොළොවට වැදීමට මොහොතකට පෙර ස්කන්ධ දෙක ම සඳහා පහත සඳහන් ඒවායින් කුමක් එකම අගයක් ගනී ද ?
(වාත ප්‍රතිරෝධය නොසළකා හරින්න.)
1) වේගය
2) චාලක ශක්තිය
3) ගමන් කළ කාලය
4) ස්කන්ධ මත ක්‍රියා කරන ගුරුත්ව බලය
5) ගම්‍යතාව

(Ans:2)

18 -1995

10ms-1වේගයකින් 40 m උසක පියාසර කරන කුරුල්ලෙක් කුඩා පළතුරු ගෙඩියක් කටින් අතහරින ලදී. නිදහසේ වැටීමක් සැළකුවහොත් පළතුරු ගෙඩිය පොළොව මත පතිත වීමට මොහොතකට පෙර එය ලබා ගන්නා වේගය වන්නේ,

1) 10 ms-1
2) 15 ms-1
3) 20 √2 ms-1
4) 25 ms-1
5) 30 ms-1

(Ans:5)

17 – 1994

h උසක සිට පොළොව මතට අතහරින ලද වස්තුවක් h/2 දුරක් උසට නැවත පොළා පනී. වස්තුවේ චලිතය නිරූපණය කරන වඩාත්ම සුදුසු ප්‍රවේග (v) කාල (t) ප්‍රස්තාරය කුමක්ද ?

(Ans : 1)

16 – 1993

සිරස්ව ඉහළට විසි කරන ලද බෝලයක් නැවත විසි කරන්නාගේ අතටම වැටේ. මේ සම්බන්ධව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.
( A ) වායුගෝලයේ ප්‍රතිරෝධයක් නොමැති නම් ඉහළට යන ගමන් කාලය සහ පහළට එන ගමන්             කාලය සමාන වේ.
( B ) වායුගෝලයේ ප්‍රතිරෝධයක් තිබේ නම් බෝලය පහළට විත් අතේ වදින වේගය ඉහළට විසි              කිරීමේ වේගයට වඩා අඩුය.
( C ) වායුගෝලීය ප්‍රතිරෝධයක් තිබේ නම් ඉහළට යන ගමන් කාලය පහළට එන ගමන් කාලයට             වඩා වැඩි ය.
මෙම ප්‍රකාශ වලින්,

1) A පමණක් සත්‍ය වේ.
2) B පමණක් සත්‍ය වේ.
3) C  පමණක් සත්‍ය වේ.
4) A සහ B පමණක් සත්‍ය වේ.
5) A,B සහ C පමණක් සත්‍ය වේ.

( Ans : 4 )

15 – 1993

පොළොවේ සිට 180m ක් ඉහළින් තිරස්ව 45ms-1 නියත ප්‍රවේගයකින් ගමන් කරන හෙලිකොප්ටරයකින් වස්තුවක් අතහරිනු ලැබේ. වස්තුවට පොළොවට ළඟාවීමට ගතවන කාලය වනුයේ,

1) 3 s
2) 4 s
3) 5 s
4) 6 s
5) 12 s

( Ans : 4 )

14 – 1992

පෘථිවි පෘෂ්ඨයේ සිට වස්තුවක් 100 ms-1 ප්‍රවේගයකින් ඉහළට ප්‍රක්ක්‍ෂේපණය කරනු ලැබේ. වායු ප්‍රතිරෝධය නොසලකා හැරියහොත් එය නැවත පෘථිවි පෘෂ්ඨයට පතිත වන්නේ,
1) 5 s ට පසුව ය.
2) 10 s ට පසුව ය.
3) 15 s ට පසුව ය.
4) 20 s ට පසුව ය.
5) 25 s ට පසුව ය.

( Ans : 4 )

13 – 1990

අංශුවක චලිතය පිළිබඳ කර ඇති පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
A) අංශුවක ත්වරණයේ දිශාව වෙනස් නොකර එහි ප්‍රවේගය ප්‍රතිවර්ත්‍ය කළ නොහැකිය.
B) ඉතා විශාල ආරම්භක ප්‍රවේගයක් සහිතව අංශුවක් සිරස්ව පහළට ප්‍රක්ෂේපණය කළ විට එහි ත්වරණය ගුරුත්වජ ත්වරණය අභිබවා යයි.
C)අංශුවක ත්වරණය ශුන්‍ය නම් එය අනිවාර්යෙන් ම නිශ්චලව පැවතිය යුතුය.
මෙම ප්‍රකාශ අතුරින්
1)  A සහ B පමණක් සත්‍ය වේ.
2) B සහ C පමණක් සත්‍ය වේ.
3) Aසහ C පමණක් සත්‍ය වේ.
4) A,B සහ C යන සියල්ලම සත්‍ය වේ.
5) A,B සහ C යන සියල්ලම අසත්‍ය වේ.

(Ans :5)

12 – 1990

සුමට තිරස් පොළවක නියත වේගයෙන් චලනය වන බෝලයක් රූපයේ පෙනෙන අයුරින් සුමට ආනත තලයක් ඔස්සේ B ලක්ෂ්‍යය දක්වා ඉහළ ගොස් එම මාර්ගය ඔස්සේ ම ආපසු පැමිණේ. බෝලයේ ප්‍රවේගයේ තිරස් සංරචකය (V) කාලය(t)සමග වෙනස් වන අයුරු හොඳින් ම නිරූපණය වන්නේ,

(Ans : 2)

11 – 1987

රබර් බෝලයක් නිශ්චලතාවේ සිට තද තිරස් පෘෂ්ඨයක් මත වැටීමට සලස්වනු ලැබේ. වාතය නිසා ඇති වන ප්‍රතිරෝධය නොසළකා හැරිය විට බෝලයේ චලිතය වඩාත් ම හොඳින් නිරූපණය කරනුයේ පහත දැක්වෙන ප්‍රවේග – කාල(V -t) වක්‍ර වලින් කිනම් එකෙන් ද ? (මෙම ප්‍රස්තාරවල බෝලය පහතට ගමන් කරන විට දී V ධන යයි සලකන්න.)

(Ans : 1)