21-1999

රූපයේ පෙන්වා ඇති පරිදි ඒක කේන්ද්‍රික සන්නායක ගෝලයක් සහ ගෝලීය සන්නායක කබොළක් පිළිවෙලින් +q හා -q ආරෝපණ දරා සිටියි.පද්ධතියෙහි o කේන්ද්‍රයේ සිට අරීය දුර r සමග විද්‍යුත් ක්‍ෂේත්‍ර තීව්‍රතාව E හි විචලනය වඩාත් නිවැරදිව නිරූපණය කරන්නේ,

  1.  
  2.  
  3.  
  4.  
  5.  

(ans:2)

 

20-1995

+q,+q හා -2q යන ආරෝපණ රූපයේ පෙන්වා ඇති පරිදි සමපාද ත්‍රිකෝණයක ශිර්ෂවල තබා ඇත. XX′ රේඛාව මත පිහිටන විද්‍යුත් කේෂ්ත්‍ර තීව්‍රතාව ශුන්‍ය වීමට වඩාත්ම ඉඩ ඇති ලක්‍ෂ්‍යය වනුයේ,

  1. P
  2. Q
  3. R
  4. S
  5. T

(ans:5)

 

19-1995

පරිවාරක පෘෂ්ඨයක් මත තබා ඇති අනාරෝපිත උස සන්නායක භාජනයක් තුළට කුඩා ධන ආරෝපිත ගෝලයක් ගෙන එනු ලැබේ. ගෝලයේ පතුලෙහි ස්පර්ශ වීමට සලස්වා නැවත වරක් ස්පර්ශ නොවන ලෙස ඉවතට ගනු ලැබේ. පහත ප්‍රකාශවලින් කුමක් සත්‍යවේද?

  1. භාජනයෙහි පිටත ධක ආරෝපිත වන අතර ඇතුළත සෘණ ආරෝපිත වේ.
  2. ගෝලය සහ භාජනය අතර ආරෝපණය සමානව බෙදේ.
  3. ගෝලය සෘණ ආරෝපණයක් ලබා ගනී.
  4. ගෝලය එහි මුළු ආරෝපණයම තබා ගනී.
  5. ගෝලය ආරෝපණයක් තබා නොගනී.

(ans:5)

18-1994

හැම අතින්ම එක හා සමාන සැහැල්ලු අවිතන්‍ය තන්තු දෙකක ආධාරයෙන් එක හා සමාන ස්කන්ධයෙන් යුතු කුඩා ගෝල 2 ක් එල්ලා ඇත. තන්තුවල නිදහස් කෙළවර සීලිමේ එකම ලක්ෂ්‍යයකට ගැට ගසා ඇත. එක් ගෝලයක් +Q ආරෝපණයක් ඇති අතර අනෙකේ +2Q ආරෝපණයක් ඇත.+Q ආරෝපණය සහිත ගෝලයට ගැට ගැසූ තන්තුව සිරස සමඟ θ කෝණයක් සාදයි නම් අනෙක් තන්තුව සිරස සමඟ සාදන කෝණය වනුයේ,

  1. 0 ය.
  2. θ/4 ය.
  3. θ/2 ය.
  4. θ ය.
  5. 2θ ය.

(ans:4)

17-1992

ඉලෙක්ට්‍රෝන සියල්ලම එකම දිශාවකට චලනය වන ගහන ඉලෙක්ට්‍රෝන කදම්බයක් ඉදිරියට ගමන් කිරීමේ දී විසිරී යාමට ලැදියාවක් දක්වයි. පහත දැක්වෙන ප්‍රකාශන සළකා බලන්න.

A) සියල්ලම එකම දිශාවට චලනය ප්‍රෝටෝන කදම්බයක් හැකිලීමට ලැදියාවක් දක්වයි.

B) සියල්ල එකම දිශාවට චලනය වන ගහන සෘණ අයන කදම්බයක් විසිරී යාමට ලැදියාවක් දක්වයි.

C) සමාන ඝනත්වවලින් යුත් විරුද්ධ දිශාවලට චලනය වන එක මත එක වැටී ඇති ප්‍රෝටෝන සහ ඉටල්ක්ට්‍රෝන කදම්බ දෙකක් හැකිලීමට ලැදියාවක් දක්වයි.

ඉහත ප්‍රකාශ වලින්,

  1.   A පමණක් සත්‍ය වේ.
  2.   B පමණක් සත්‍ය වේ.
  3.   A සහ B පමණක් සත්‍ය වේ
  4.   B සහ C පමණක් සත්‍ය වේ
  5.   A,B සහ C යන සියල්ලම සත්‍ය වේ.

(ans:4)

16-1992

ඉහත අංක 15 ප්‍රශ්නයේ සඳහන් කර ඇති වස්තු දෙක අතර පවතින ගුරුත්වාකර්ෂණ බලය ප්‍රතිතෝලනය (මැඩ පැවැත්වීම) කිරීම සඳහා වස්තු මත තැබිය යුතු අවම ආරෝපණ ප්‍රමාණය වන්නේ,

  1.  
  2.  
  3.  
  4.  
  5.  

(ans:4)

15-1992

එක එකෙහි ස්කන්ධය m වන සර්ව සම වස්තු දෙකක් රූපයෙන් පෙනෙන පරිදි x අක්ෂය මත r0 පරතරයක් සහිතව තබා නිශ්චලතාවයේ සිට මුදා හරින ලදී. අනෙක් වස්තුන් විසින් මෙම වස්තු දෙක මත ඇති කෙරෙන බලපෑම නොසලකා හැරිය හැකි නම් වස්තු දෙක අතර දුර (r) සමග ඒවායේ ප්‍රවේගය (V) වෙනස් වන ආකාරය හොඳින්ම නිරූපනය කරන්නේ පහත දී ඇති කිනම් ප්‍රස්තාරයෙන් ද?

(ans:3)

 

14-1992

වස්තුවක් -32 C අගයකට ආරෝපණය කරන ලදී.ඉලෙක්ට්‍රොනයේ ආරෝපණය -1.6 × 10-19 නම් වස්තුවේ පවතින අමතර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවේ අගය වන්නේ,

  1.   0
  2.   1019
  3.   2 ×1019
  4.   1020
  5.   2 × 1020

(ans:5)

13-1991

එක් එක් හි ආරෝපණය +q වු සමාන ලක්‍ෂ්‍යාකාර ආරෝපණ දෙකක් x අක්‍ෂය මත රූප සටහනේ පෙනෙන පරිදි පරතරය d වන ලෙස තබා ඇත. වම් පසින් ඇති ආරෝපණය තබා ඇත්තේ x = 0 ස්ථානයේ යයි සැළකුවහොත් , x සමඟ විද්‍යුත් කේෂ්ත්‍ර තීව්‍රතාව E වෙනස් වන ආකාරය වඩාත් ම හොඳින් ම නිරූපනය වන්නේ කුමකි න්ද ?

(ans:3)

12-1990

කුඩා ආරෝපිත ගෝලාකාර වස්තු දෙකක් එකිනෙකට 2cm ක් දුරින් තැබූ විට එකිනෙක මත ක්‍රියා කරන බලය 1.5N වේ.වස්තු අතර දුර 3cm දක්වා වැඩි කළ විට එකිනෙක මත ක්‍රියා කරන නව බලය,

  1.   1/9 N වේ.
  2.   1/3 N වේ.
  3.   2/3 N වේ.
  4.   1 N වේ.
  5.   3 N වේ.

(ans:3)