17 – (1997-40)

උණුසුම් ද්‍රවයක උෂ්ණත්වය මැනීම සඳහා වීදුරු – රසදිය උෂ්නත්වමානයක් සහ තාප විද්‍යුත් යුග්මයක් භාවිත කළ විට, තාප විද්‍යුත් යුග්මය මගින් වැඩි උෂ්ණත්වයක් වාර්තා විය. මේ සඳහා දිය හැකි වඩාත් ම උචිත හේතුව වන්නේ,

1) තාප විද්‍යුත් යුග්මය රසදිය උෂ්ණත්වමානයට වඩා සංවේදි විමය.
2) තාප විද්‍යුත් යුග්මය රසදිය උෂ්ණත්වමානයට වඩා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමටය.
3) කියවීමත් වාර්තා කිරීම සඳහා රසදිය උෂ්ණත්වමානය උරා ගන්නවාට වඩා වැඩි තාප ප්‍රමාණයක් තාප විදයුත් යුග්මය උරා ගැනීම ය.
4) ද්‍රව පරිමාව ඉතා කුඩා වීමය.
5) රසදිය විශිෂ්ට තාපධාරිතාව, තාප විද්‍යුත් යුග්මය සාදා ඇති ලෝහවල විශිෂ්ට තාප ධාරිතාඅගයන්ය වඩා කුඩා විමය.

( Ans : 4)

16 – (1996-37)

P සහ Q නම් රසදිය වීදුරු උෂ්ණත්වමාන දෙකක පරිමාණයේ ඕනෑම අනුයාත අංශක සළකුණු දෙකක් අතර දුර පිළිවෙලින් 1 mm සහ 3 mm වේ.උෂ්ණත්වමාන පිළිබඳව කර ඇති පහත සඳහන් අපෝහන සලකා බලන්න.

(A) Q උෂ්ණත්වමානයට, P උෂ්ණත්වමානයට වඩා කුඩා කේශික අරයක් ඇත.
:(B) Q උෂ්ණත්වමානයට, P උෂ්ණත්වමානයට වඩා විශාල රසදිය බල්බයක් ඇත.
(C) Q උෂ්ණත්වමානය මඟින් ලබා ගන්නා පාඨාංක P උෂ්ණත්වමානය මගින් ලබා ගන්නා පාඨාංක වලට වඩා නිරවද්‍ය වේ.

ඉහත සදහන් ප්‍රකාශ අතුරින් සත්‍යය වන්නේ,

1)  Aපමණි.
2) Bපමණි.
3) C පමණි.
4) A , C පමණි.
5) සියල්ලම.

(Ans : 3)

15 – ( 1994-06)

උෂ්ණත්වමානයක භාවිතා කරන,

(1) උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක්, මැනීමට ඇති මුළු උෂ්ණත්ව පරාසය පුරාම ද්‍රවයක් ලෙසින් පැවතිය          යුතුය.
(2) උෂ්ණත්වමිතික ද්‍රව්‍යයකට, උෂ්ණත්වය සමඟ රේඛීයව වැඩි වන ගුණාංගයක් තිබිය යුතුය.
(3) උෂ්ණත්වමිතික ද්‍රව්‍යයකට, උෂ්ණත්වය සමඟ වෙනස් වන ගුණාංගයක් තිබිය යුතුය.
(4) උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක්, බොයිල් නියමය පිළිපැදිය යුතුය.
(5) උෂ්ණත්වමිතික ද්‍රව්‍යයකට, නියත ප්‍රසාරණතාවක් තිබිය යුතුය.

( Ans : 3)

14 – (1993-07)

ක්‍රමාංකනය නොකරන ලද උෂ්ණත්වමානයක රසදිය කඳ හුමාලයේ තැබූ විට 12 cm පිහිටුමේ ද දියවන අයිස් වල තැබූ විට 2 cm පිහිටුමේද ලවණ ජලයේ තැබූ විට 4 cm පිහිටුමේද පවතී.ලවණ ජලයේ දළ උෂ්ණත්වය වනුයේ,

1)   2  ºC
2) 20 ºC
3) 33 ºC
4) 40 ºC
5) 80 ºC

( Ans : 2)

13 – (1992-22)

වීදුරු තුළ රසදිය උෂ්ණත්වමානයක කඳ කෙළවර විශාල බල්බයක් තිබුණහොත්,

1) එමගින් වාසියක් අත් නොවේ.
2) එහි සංවේදීතාව වැඩි වේ.
3) උෂ්ණත්වමානයේ ප්‍රයෝජනවත් පරාසය වැඩි වේ.
4) උෂ්ණත්වමානයේ පරිමාන පාඨාංකයේ නිරවද්‍යතාව අඩු වේ.
5) උෂ්ණත්වමානයේ රේඛීය බව වැඩි වේ.

( Ans : 2)

12 – (1992-05)

අවශ්‍ය ද්‍රව්‍ය සපයා ඇත්නම් පහත දක්වා ඇති උෂ්ණත්වමාන අතුරින් පරීක්ෂණාගාරයේ දී පහසුවෙන්ම තනා ගත හැකි උෂ්ණත්වමානය වන්නේ,

1)  තාප – විද්‍යුත් යුග්මයයි.
2) විදුරු තුළ මධ්‍යසාර උෂ්ණත්වමානයයි.
3) නියත පීඩන වායු උෂ්ණත්වමානයයි.
4) වීදුරු තුළ රසදිය උෂ්ණත්වමානයයි.
5) නියත පරිමා වායු උෂ්ණත්වමානයයි.

( Ans : 1)

11 – (1991-31)

ද්‍රව- වීදුරු උෂ්ණත්වමානයක සංවේදීතාව වැඩිකළ හැක්කේ,

(A) උෂ්ණත්වමානයේ කේෂිකයේ දිග වැඩි කිරීමෙනි.
(B) උෂ්ණත්වමානයේ කේෂිකයේ අභ්‍යන්තර අරය වැඩි කිරීමෙනි.
(C) උෂ්ණත්වමානයේ ද්‍රව බල්බයේ පරිමාව වැඩි කිරීමෙනි.

ඉහත ප්‍රකාශ වලින්,
(1)  A පමණක් සත්‍ය වේ.
(2) B පමණක් සත්‍ය වේ.
(3) C පමණක් සත්‍ය වේ.
(4) A සහ B පමණක් සත්‍ය වේ.
(5) A සහ C පමණක් සත්‍ය වේ.

( Ans : 3)

10 – (1990-43)

රසදිය උෂ්ණත්වමානයක් ක්‍රමාංකනයේදී පිළිවෙළින් 1ºC සහ  99ºC හිමාංකය සහ හුමාල අංකය ලෙස වැරදීමකින් භාවිත කරන ලදී.මෙම සාවද්‍ය උෂ්ණත්වමානයේ පාඨාංකය 30ºC ක් ලෙස කියවන විට නිවැරදි උෂ්ණත්වය වනුයේ,

1) 29.40 ºC
2) 30.40 ºC
3) 30.32 ºC
4) 30.60 ºC
5) 30.62 ºC

( Ans : 2 )

09 – (1990-07)

කුඩා උෂ්ණත්ව වෙනසකට ඉතා සංවේදී වන්නේ පහත දක්වා ඇති කුමන උෂ්ණත්වමානය ද?

1)  රසදිය උෂ්ණත්වමානය.
2) වෛද්‍ය උෂ්ණත්වමානය(රසදිය).
3) තාප විද්‍යුත් යුග්මය.
4) වායු උෂ්ණත්වමානය.
5) ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්වමානය.

( Ans : 4)

08 – (1989-52)

එක්තරා රසදිය උෂ්ණත්වමානයක පරිමාණයේ 0.5 cm දිගක් මඟින් අංශකයක් පෙන්වනු ලැබේ. මෙම උෂ්ණත්වමාණයේ බල්බයෙහි ඇති රසදිය පරිමාව දෙගුණ කර එහි කේෂිකයෙහි හරස්කඩ ක්ෂේත්‍රඵලය හරි අර්ධයක් කළ හොත් පරිමාණයෙහි එක් අංශකයක් දක්වන දිග ආසන්න වශයෙන්,

(1) 0.125 cm වේ.
(2) 0.5 cm වේ.
(3)1.0 cm වේ.
(4) 2.0 cm වේ.
(5) 4.0 cm වේ.

( Ans : 4)