26 – 2000

පටු නළයක් තුළින් දුස්ස්‍රාවීය ද්‍රවයක ගැලීම සඳහා කර ඇති පහත සඳහන් සලකා බලන්න.

(A) ප්‍රවාහ වේගය උපරිම වන්නේ නළයේ අක්‍ෂය ඔස්සේය.
(B) ද්‍රවයෙහි ප්‍රවාහ සීඝ්‍රතාවය නළයෙහි අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලයට සමානුපාතික වේ.
(C) ප්‍රවාහ සීඝ්‍රතාව ද්‍රවයෙහි උෂ්ණත්වය මත රඳා නොපවතී.

ඉහත ප්‍රකාශ අතුරින්ල
(1) A පමණක් සත්‍ය වේ.
(2) A සහ B පමණක් සත්‍ය වේ.
(3) A සහ C පමණක් සත්‍ය වේ.
(4) B සහ C පමණක් සත්‍ය වේ.
(5) A,B සහ C යන සියල්ලම සත්‍ය වේ.

(Ans – 1)

25 – 1999

එකම පීඩන අන්තරය යටතේ එකිනෙකට සම්බන්ධ නොවූ කේශික නළ දෙකක් තුලින් ද්‍රවයක් ගලා යයි. නළ දෙකෙහි අභ්‍යන්තර විශ්කම්භ අතර අනුපාතය 2 : 1 වන අතර ඒවායේ දිග අතර අනුපාතය1 : 2  වේ. නළ දෙක තුළින් ද්‍රවය ගලා යෑමේ සීඝ්‍රතා අතර අනුපාතය වනුයේ,

(1) 32:1
(2) 16:1
(3)8:1
(4) 4:1
(5) 2:1

(Ans – 1)

24 – 1998

එක හා සමාන අරයෙන් යුත් එහෙත් ρ1 හා ρ2 යන ඝනත්ව ඇති වෙනත් ද්‍රව්‍යයන් දෙකකින් සාදන ලද කුඩා ලෝහ ගෝල දෙකක්, ඝනත්වය ρ වන ද්‍රවයක් පුරවා ඇති ගැඹුරු භාජනයක් තුළ දී නිසලතාවයේ සිට අත හරින ලදී- ගෝල දෙක ලබාගත් ආන්ත ප්‍රවේශ පිළිවෙළින් v1 හා v2 නම් අනුපාතය සමාන වනුයේ,

(Ans – 4)

23 – 1997

රූපයේ දැක්වෙන පරිදි ටැංකියක පතුලේ තිරස් සිහින් නළයක් ඇත. h උසක ජල මට්ටම පවත්වාගෙන යාම සඳහා ටැංකියට ජලය සැපයිය යුතු නියත සීඝ්‍රතාවය Q වේ. ජල මට්ටමේ උස 2h හි පවත්වා ගැනීම සඳහා ජලය සැපයිය යුතු සීඝ්‍රතාවය,

(1) Q/2
(2) Q
(3) 2Q
(4) 3Q
(5) 4Q

(Ans – 3)

22 – 1996

අරය A  වු ගෝලයක් දුස්ස්‍රාවිතා සංගුනයක η1 සහ ඝනත්වය d1 වු තරලයක් තුළ පහලට වැටෙන විට υ1 ආන්ත ප්‍රවේගයක් ලබා ගනී එම ගෝලය දුස්ස්‍රාවිතා සංගුනකය η2 සහ ඝනත්වය d2 වූ වෙනත් තරලයක් තුළ ඉහළට නැගීමේ දී ද එමυ0 ආන්ත ප්‍රවේගයම ලබා ගනි- තරල දෙකෙහි ඝනත්වය අතර වෙනස (d2 – d1)  අගය සමානුපාතික වන්නේ,

(1) (η2 + η10/a2 ය.
(2) (η2 – η10/a2 ය.
(3) (η2 + η10/a3 ය.
(4) (η2 – η10/a3 ය.
(5) (η2 – η1)a20 ය.

(Ans – 1)

21 – 1995

පටු නළයක් තුළ දුස්ස්‍රාවී ද්‍රවයක අනවරත ප්‍රවාහයේ ප්‍රවාහ සීඝ්‍රතාව සම්බන්ධව පහත දැක්වෙන ප්‍රකාශවලින් සත්‍ය නොවනුයේ කුමක් ද?

(1) ප්‍රවාහ සීඝ්‍රතාව නළයේ දෙකෙළවර අතර පීඩන වෙනසට අනුලෝම වශයෙන් සමානුපාතික වේ.
(2) ප්‍රවාහ සීඝ්‍රතාව නළයේ විෂ්කම්භයේ හතරවන බලයට අනුලෝම වශයෙන් සමානුපාතික වේ.
(3) ප්‍රවාහ සීඝ්‍රතාව ද්‍රවයේ දුස්ස්‍රාවීතා සංගුණකයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික වේ.
(4)  ප්‍රවාහ සීඝ්‍රතාව නළයේ දිගට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික වේ.
(5) ප්‍රවාහ සීඝ්‍රතාව නළය හරහා පීඩන අනුකුමණයෙන් ස්වායත්ත වේ.

(Ans – 5)

20 – 1993

එකම ප්‍රමාණයේ කුඩා ඇලුමිනියම් සහ පිත්තල ගෝල දෙකක් එකම මොහොතේ දී දුස්ස්‍රාවී ද්‍රවයක් සහිත උස් බඳුනක් තුළ නිෂ්චලතාවයේ සිට අත හරින ලදි- මේ සම්බන්ධව පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න-

(A) ගෝල දෙක මත උඩුකරු තෙරුපුම් සමානය.
(B)ගෝල දෙකෙහි ආරම්භක ත්වරණ සමානය.
(C) ගෝල දෙකේම ආන්ත ප්‍රවේග අගයන් ලබා ගන්නේ එකම ගැඹුරකදීය.

ඉහත සදහන් ප්‍රකශ වලින්,
(1) A පමණක් සත්‍ය වේ.
(2) B පමණක් සත්‍ය වේ.
(3) Cපමණක් සත්‍ය වේ.
(4) A සහ B පමනක් සත්‍ය වේ.
(5) A,Bසහ C යන සියල්ල සත්‍ය වේ.

(Ans – 1)

19- 1992

රූපයේ පෙන්වා ඇති අයුරු පිළිවෙලින් දිග l, 2l හා අරයයන් a හා a/2 වූ සිහින් බට දෙකකින් එකම සීඝ්‍රතාවයක් සහිතව ජලය ගලා යයි. බට දෙක ජල පෘෂ්ඨයේ සිට පිළිවෙලින් ය1 හා ය2 ගැඹුරෙන් පිහිටා ඇත්නම් h1 / h2 අනුපාතය විය යුත්තේ,

(1) 1/2
(2)1/4
(3)1/8
(4)1/16
(5)1/32

(Ans – 5)

18 – (1994 – 47)

ගැඹුරු මුහුදු පත්ලෙන් නිදහස් වූ වායු බුබුලක් ඉහළට ගමන් කරනු ලැබේ. පහත දී ඇති ප්‍රස්තාර අතුරෙන් වායු බුබුලේ වේගය (v) කාලය (t) සමඟ විචලනය වීම ඉතාමත් හොඳින් නිරූපණය වන්නේ කවර ප්‍රස්තාරයෙන්ද ?

(Ans – 2)

 

17 -1990

රූපයේ පෙන්වා ඇති පරිදි දිග l වූ පටු නළය නියත පීඩන බඳුනකට සම්බන්ධ කොට ඇත්තේ ඕනෑම මොහොතකදී නළයට ඇතුළු වන ජලය එහි විවෘත කෙලවරෙන් පිටතට යෑමට හරියටම 1s ක කාලයක් ගතවන පරිදි ය. නලයේ දෙකෙළවර අතර පීඩන අන්තරය p ද නළයේ ඇතුලත හරස් කඩක අරය r ද හා ජලයේ දුස්ස්‍රාවිතාව η නම්,

(1) l = pa / 8η
(2)l 2= pa2 / 8η
(3)l 3= pa3 / 8η
(4) l = πpa4 / 8η
(5) l 4= πpa4 / 8ηϒ

(Ans – 2)